ලලිත් චාමින්ද –
ගාල්ල හාලිවල, හිල්සයිඩ්වත්ත ප්රදේශයේ කාන්තාවක් විසින් තවත් කාන්තාවකට ඊයේ (05) රාත්රි එල්ල කළ මන්නා පිහි පහරක් නිසා තුවාල ලද පහර කෑ කාන්තාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.
පහරදිමට සම්බන්ධ කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය 44 හැවිරිදිවියේ පසුවන තැනැත්තියකි.
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පහරදිම සිදුවි ඇති බැව් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.







