දිනසේන රතුගමගේ –
එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය නායකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (05) ජීවිතාන්තය දක්වා වූ හිර දඩුවමක් නියම කොට තිබේ.
කිළිනොච්චියේ තාවකාලික ලිපිනයක පදිංචිව සිටි තංගවේලු නිමලන් නැමති මෙම සැකකරුව ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් මතය.
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශයේ කිළිනොච්චිය ප්‍රාදේශීය නායකයා වශයෙන් සිටි බව පිළිගෙන තිබේ.
ඒ අනුව 2011 වසරේදී ඔහුට එරෙහිව නඩු පැවරීමෙන් පසුව එම නඩුව කොළඹ මහාධිකරණය දක්වා රැගෙන ගියේය.
ඔහු සම්බන්ධ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කෙරනි.







