එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රුසියානු-යුක්රේන ගැටුම පිළිබඳ විශේෂ හදිසි අවස්ථාවක් කැඳවීමේ යෝජනාවට ඉන්දියාව ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටීමට බලපෑ හේතු පිළිබද ඇමරිකාව විසින් හෙළිදරව්වක් කර තිබෙනවා.
එක්සත් ජනපද-ඉන්දියා ව්යාපාරික කවුන්සිලයේ සභාපති අතුල් කේෂාප් ඇමරිකානු කොංග්රසයේ “ඉන්දු-පැසිෆික් ආර්ථිකය පිළිබඳ විදේශ කටයුතු කමිටුවේදී පවසා ඇත්තේ මේ සදහා ප්රධාන වශයෙන් හේතු දෙකක් බලපාන්නට ඇති බවයි.
ඒ රුසියාවේ බලපෑම සහ චීනය සමග වන දේශසීමා අර්බුදය විය හැකි බවත් මෙම තත්වයන් කළමනාකරණය කර ගැනීම සහ අනාගත අහිතකර ප්රතිවිපාක වළක්වා ගැනීමේ අරමුණින් ඉන්දියාව එසේ කරන්නට ඇති බවත් ඔහු පවසා තිබෙනවා.
කෙසේවෙතත්, අතුල් කේෂාප් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අවස්ථා ඇති විය හැකි බවත් දීර්ඝකාලීන මිතුරන් ලෙස එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ඇති සබඳතාවලට මෙමගින් බලපෑමක් ඇති නොවනු ඇති බවත්ය.
ඉන්දියාව ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටීම , මෙන්ම රුසියාවට එරෙහි සම්බාධක ඉන්දියා-එක්සත් ජනපද ද්විපාර්ශ්වික වෙළඳාමට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම කමිටු රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද විදෙස් වාර්තාවල දැක්වේ.







