අමාත්‍ය ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අද (04) උදෑසන ආණ්ඩුවේ සෙසු පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බව වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසීමක දී හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පුළුල් කථිකාවක් ඇතිකිරීම අද හමුවේ අරමුණ බවය.
ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයින් සමග හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන ද මේ අවස්ථාවට එක්වීමට නියමිතය.







