දිනසේන රතුගමගේ –
යාපනයේදී ඝාතනයට ලක් වූ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම්ගේ මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලීසිය විසින් නෝර්ත්හැම්ප්ටන්ෂයර් ප්‍රදේශයේදී දෙමළ ජාතිකයෙක් ඊයේ (24) අත් අඩංගුවට ගෙන තිබේ.
2000 ඔක්තෝබර් 19 වැනිදා යාපනයේ කොලුම්පුතුරේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මරණයට පත් වූයේ බෝම්බ ප්‍රහාරයකින් හා පසුව සිදු කළ වෙඩි තැබීමකිනි.
මේ ඝාතනය සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී.සංවිධානයේ සමාජිකයින් තුන් දෙන් පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට අයත් පාපැදියක් නිමලරාජන්ගේ නිවස අසල වැටී තිබී සොයා ගැනීමෙන් පසුවය.
වසර කීපයක නඩු විභාගයෙන් පසුව සියලුම සැකකරුවන් අධිකරණය මගින් නිදහස් කළ අතර බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ යුධ අපරාධ ඒකකය 2000 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ සමූලඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක කොටසක් ලෙස කළ විමර්ශනයකදී 48 හැවිරිදි මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතන්‍ය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයාද යාපනයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊ.පී.ඩී.පී.සංවිධානයේ සාමාජිකයෙකුද යන මෙතෙක් පැහැදිලිවප්රකාශයට පත් වී නොමැත.







