කීර්ති ප්‍රනාන්දු –
මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ පෙරළියක්කළ විශිෂ්ට මාධ්‍යවේදියෙක් වූ බන්දුල පද්මකුමාරයන් අද බොරැල්ල කනත්තෙන් අවසන් ගමන් නික්ම ගියේය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද 24 පස්වරුවේ සිදු කෙරිණ.
මෙම අවස්ථාවට බන්දුල පද්මකුමාර මහතාගේ ආදරණීය බිරිඳ සමන්මලී පද්මකුමාර, දියණිය වන මුතු පද්මකුමාර, ඇතුළුව ඥාති හිතමිත්‍රාදීන් මෙන්ම මාධ්‍යවේදීහු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.








