චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවති සුහද සම්බන්ධතාවය මේවන විට යම් දෙදරීමකට පත්ව ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
පසුගිය සමයේ චීනය විසින් ශ්‍රී ලංකාවර එවූ කාබනික පොහොර යැයි පවසන පොහොර ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවද විශ්ලේෂකයන් සඳහන් කරයි.
ඒ අනුව අදාල සිදුවීම පදනම් කරගෙන පොහොර එවීම කළ චීන සමාගම නීතිමය පියවර ගැනීමට ක්‍රියාකාරීම චීනය සහ ශ්‍රී ලංකාව අතර යම් විරසකයක් ඇති කිරීමට හේතු වී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල අසාර්ථක චීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුල දැඩි විවේචනයක් එල්ල වී ඇත.
මෙහිදී අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට චීන රජය සිය ඉත්තන් බවට පත් කරගත් රාජපක්ෂ පාලනයට රට තුල විශාල ප්‍රතිරෝධයක් නිර්මාණය වී ඇත.
මෙම තත්ත්වය තුල ශ්‍රී ලංකාව දරුණු ණය උගුලකට මෙන්ම විදේශ විනිමය හිඟයකට මුහුණ දී තිබේ.
එම තත්ත්වයට චීන ක්‍රියාකාරිත්වය හේතු වීඇති අතර ශ්‍රී ලංකාවට සමාන චීන ණය උගුලකට මේවන විට මියන්මාරය, ඉරාණය, සිරියාව පැටලෙමින් පවතින බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.







