මහ බැංකු අධිපතිවරයා ඉන්ධන මිලදී ගැනීම සදහා ණය ලබානොදෙන ලෙස බැංකුවලට මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද නියෝගයේ ලොකු ගැඹුරක් පවතින බවත් එයින් ඔහු ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් අවදානමකට ලක් වී ඇතිද යන්නදැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
අද සභාව කල් තැබීමේ විවාදය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම මහ බැංකු අධිපතිවරයාගේ වගකීම. නමුත් රට දුවන්නට අවශ්‍ය ඉන්ධන සඳහා මුදල් දෙන්න එපා කියන තරමට එය බරපතල වී ඇති බවක් පෙනෙන්නේ යයිද ඔහු පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා ඇමතිකම අත්හැර පැමිණි මහ බැංකු අධිපතිවරයා පසුගිය ඔක්තෝබර් මාසයේ රටට ආර්ථික දිශාව දැක්වෙන ආරථික සිතියක් ඉදිරිපත් කළත් ඉලකක් කාලය සම්පූර්ණ වන්නට ආසන්නව තිබියදී රට වෙනම දිශාවකට ගමන් කරන බව පෙනවා දුන්නේය.
“ ආර්ථිකය ගැන චක්‍රවර්ති තමන් කියල හිතාගෙන වැඩ කරන මහ බැකු අධිපතිතුමා දැන් මොකද කියන්නේ? ඔහු කියනවා බැංකුවලට තෙල් සංස්ථාවට ණයට දෙන්න එපා. බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියල. මේ කතාවේ ලොකු ගැඹුරක් තිබෙනවා. ඔහු මේ ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට යන බවද? මහ බැංකු අධිපති ඇමතිකම අතහැරල මහ බැංකු මහ පුටුවේ ඉඳගෙන හය මාසෙක අර්ථික මාර්ග සිතියමක් ඉදිරිපත් කළා. දැන් ඒ කාලය ගෙවීගෙන යනවා. රට මේ මාර්ගයෙන් ටික ටික ඇත්වෙලා ආර්ථිකය ප්රපාතයකටයි තල්ලු වෙන්නේ. මහ බැකු අධිපතිකම රටේ ආර්ථික ධාවනයට අවශ්‍ය ඉන්ධන ගෙන්වන්න බැංකුවලට සල්ලි දෙන එක ගැන නියෝග කරන තැනට ඇවිත්. බැංකු පද්ධතිය කඩා වැටීම ගැන අනතුරු අඟවනවා. මේ මාර්ග සිතියම තිබෙන්නේ ප්‍රපාතයට රට ගෙන යන්නටද කියල අද අපට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. අද සාමාන්‍ය ජනතාව පවා අන්ද මන්ද වෙලා ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නේ මේ අය මේවා කරන්නේ සිහියෙන්ද කියල.” යයිද පැවසීය.







