හොරණ – කොළඹ මාර්ගයේ කෝරළීම ප්රදේශයේදී බස් රථ අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
පෞද්ගලික බස් රථයක් සහ ඇඟලුම් කම්හලක සේවකයින් ප්රවාහනය කරමින් තිබූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
කහතුඩුව පොලිසිය පැවසුවේ තුවාල ලැබූ ඇඟලුම් කම්හල් සේවකයින් වහා රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි.
පසුපසින් පැමිණි ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් පිරිසක් ප්රවාහනය කළ බස් රථයක් ඉදිරියෙන් ගිය පුද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
කෙසේ වෙතත්, අනතුරින් පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මගීන්ට කිසිදු තුවාලයක් සිදුවී නැත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් වෑතර රෝහලට ඇතුළත් කර තිබේ.
ඇගලුම් කම්හල් සේවිකාවන් ප්රවාහනය කළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







