විදුලි කප්පාදුව අද සිටම දීරඝ කර ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.
අද සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.
මතුගම, තුල්හිරිය, කොළොන්නාව, කෙරවළපිටිය වෙස්ට්කෝස්ට්, සපුගස්කන්ද බලාගාර ද්විත්වය, මෙනම කැලණිතිස්ස බලාගාරය මේ වනවිට පවතින්නේ අක්‍රීය තත්වයේය.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය ද නැප්තා අවසන් වීමෙන් පසු අද රාත්‍රී 7.30ට නවතා දැමීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
ඉන්ධන රහිතව මෙසේ අක්‍රීය වූ බලාගාර සඳහා ඉන්ධන ලබාදීමේ කිසිම සැලසුමක් නොමැති පසුබිමක මෙම විදුලි කප්පාදුවන නිවේදනය කර තිබේ.
විදුලිය කැපීම සඳහා වෙන් කර ඇති වෙලාවන් සහ කලාප පහත දැක්වේ.
























