ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ පාසල් සිසුවියන්ට හිජාබ් පැළදීම තහනම් කිරීමත් සමඟ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිටු පස පාකිස්ථානය සිටින බවට ඉන්දීය බුද්ධි අංශ චෝදනා කරයි.
ඒ අනුව පසුගියා කර්නාටක ප්රන්ථයේ පාසල් සිසුවියන් කිහිපදෙනෙකුට හිජාබ් ඇදුමින් සැරසී පාසලට ඇතුලු වීමට අවසර හිමිනොවීමත් සමඟ ඇති තත්ත්වය මේවන විට දැවැන්ත විරෝධතාවයක් බවට පත්ව තිබේ.
මෙම විරෝධතාවයන්ට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින අතර ඉන්දියාව තුල ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් විශාල පිරිසක් අතර මෙම තත්ත්වය කතා බහට ලක්ව ඇත.
කෙසේ වෙතත් මෙම සියල්ල පිටුපස මුස්කාන් ඛාන් නැමැති නම යොදාගෙන ව්‍යාජ ට්විටර් ගිණුම් සිය ගණනක් නිර්මාණය කර ඒ ඔස්සේ මෙම විරෝධතා වලට ජනතාව අනවශ්‍ය ලෙස පෙළඹවීමක් සිදුවන බවද අනාවරනය වේ.
මෙම ව්‍යාජ ට්විටර් ගිණුම් පාලනය වන ප්‍රදේශ පිළිබඳ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ ඒවා පාකිස්ථානයේ සිට මෙහෙයවන බවත්ය. එහිදී මෙම ට්විටර් ගිණුම් රැසක් ඉකුත් පෙබරවාරි 9 වැනිදා නිර්මාණය කර ඇති බවටද මේවන විට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එම එක් ටිව්ටර් ගිණුමක් පෙබරවාරි 11 වැනිදා තලේබාන් සංවිධානයට සහය පළකර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.
මීට අතිරේකව පාකිස්ථානයේ ක්‍රියාත්මක දැඩි මතධාරී සංවිධාන විසින් මෙම තත්ත්වය වාර්ධනය කිරීමට අනුබල දෙමින් සමාජ ජාල වල අදහස් පළකරමින් සිටින අතර පාකිස්ථනයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය වල ඉන්දීය රජය විවේචනයට ලක්කර ඇත.







