අද පස්වරු 2.30 සිට 6.30 අතර පැයක කාලයක් සහ 6.30 සිට රාත්‍රී 10.30 අතර විනාඩි 45 කාලයක් රට පුරා විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව මහජන උපයොගීතා කොමිෂන‍් සභාව නිවේදනය කරයි.
විදුලි කප්පාදුවක් සිදුනොවන බව සන්තෝෂයෙන් දැනුම් දුන් මහජන උපයෝගීතා කොමිසම ඒ පිළිබඳ නිශ්ඡිත ගණනය කිරීම් සහිතව සිය අදහස ඉදිරිපත් කළේ මීට දෙදිනකට පෙරය.
එහෙත් දැන් අනිවාර්ය විදුලි කප්පාදුවකට යායුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියයි.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය අණහිටි කැලණිතිස්ස සොජිස්ට්ස් බලාගාරය මේ වනවිටත් පවතින්නේ අක්‍රිය තත්වයේය







