සිය නැන්දම්මා භාරයේ සිටි තමන්ගේ 07 හැවිරිදි දරුවා ඊයේ ( 17) රාත්රියේ දී පැහැරගෙන ගිය බව කියන, හොරණ ප්රදේශයේ අපරාධ ගණනාවක සැකකරුවෙක් බව පොලිසිය සඳහන් කළ ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නොහොත් නීලක හොරණ වැල්ලපිටිය ප්රදේශයේ දී පොලිස් වෙඩි පහරින් ඝාතනය වී ඇති බව වාර්තා වේ.
අඟුරුවාතොට පොලිසිය පවසා ඇත්තේ දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු මෙම පුද්ගලයා ඝාතනය වී ඇති බවය.
ඔහු මින් පෙර සිය බිරියගේ දෑත් තියුණු ආයුධයකින් කපා දමා බරපතල තුවාල සිදුකිරීම නිසා පොලිසිය විසින් සොයමින් සිටි අයෙකි. ඔහුගේ බිරිය මේ වනවිටත් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ගනිමිනි.
වාර්තා වන්නේ සිය බිරියට බරපතල තුවාල සිදුකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර තුර ඔහු සිය දරුවා පැහැරගෙන ගොස් තිබුණු බවය.
කෙසේ වෙතත් පොලිසිය කියන්නෙ මරා දමා ඇත්තේ බරපතල අපරාධ රැසක් කළ අපරාධකරුවෙක් බවය.







