දිනසේන රතුගමගේ –
යාපනය මීසාලෙයි වීරසිංහම් ප්‍රාථමික විද්‍යාලයේ වයස අවුරුදු 11 ක ශිෂ්‍යයෙකු ඩෙංගු උණ රෝගයට ගොදුරු වී ඊයේ ( 14 ) මියගොස් තිබේ.
වී.අජන්තන් හෙවත් අජේ නැමති මෙම ශිෂ්‍යයා 2022 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි අයෙකි.
අජේ සිසුවාගේ පහ වසර ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරයා ප්‍රකාශ කොට තිබුණේ මෙම සිසුවා එම විභාගයෙන් ඉතා ඉහළ සාමාර්ථයක් පෙන්නුම් කරණු ඇතැයි විදුහලේ සියලුම දෙනා බලාපොරොත්තුවෙන් සිටි බවයි.
මේ වසරේ ජනවාරි මාසය ඇතුළත යාපනයෙන් ඩෙංගු උණ රෝගය වැළදුණු රෝගීන් 39 දෙනෙකු හමු වූ අතර මීට පෙරද එක් පාසල් සිසුවෙකු ඩෙංගු උණ රෝගයට ගොදුරු වී මරණයට පත්ව තිබේ.







