විශාල පිරිවැටුම් මත අය කෙරෙන සියයට 25ක අධිභාරය කිසිසේත් සේවක අර්ථසාධක අරමුදලෙන් (EPF) හෝ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල (ETF) ඇතුළු අරමුදල් 11කින් එය අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපකෂ මහතා ඊයේ සවස කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ මෙම බද්ද රුපියල් මිලියන දෙදහසකට වඩා පිරිවැටුම සහිත ආයතන 69ක් දැනට හඳුනාලෙන ඇති අතර එම ආයකන මඟින් එක් වරක් පමණක් අය කර ගැනීමට යෝජනා වී ඇති බවය.
මෙම බද්ද අය කර ගැනමට 2022 අයවැය යෝජනා මඟින් යෝජනා කර තිබූ අතර මෙම බද්ද සේවක අර්ථ සාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලින් අය කර ගැනීම පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. මේ පිළිබඳව ඊයේ අමාත්‍ය මණඩලය දැනුවත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ කිසිසේත් එම බද්ද මෙම අරමුදල් 11න් අය නොකෙරෙන බවයි.







