සිඩ්නි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ මේ වනවිට ආරම්භ වී ඇති සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු පන්දුවරා විස්සයි 20 තරගයට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේන් බාධා එල්ල වී තබෙන බව වාර්තා වේ.
මොවුන් සිඩ්නි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ ඇතුළුවීමේ දොරටුව ඉදිරිපිට පොස්ටර් හා බැනර් ඇතිව රැඳී සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
දෙමළ සමූල ඝාතනය ක්‍රිකට් විනෝදයෙන් අමත කළ නොහැකි බව දක්වන පාඨ එම බැනර්වල ඇති පාඨවලින් ප්‍රකාශිතය.
මේ වනවිට තරගය ආරම්භ වී තිබේ. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ඇත.







