පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.
” රජයකට ඕනෑම වෙලාවක තමන්ගේ ප්රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. මේක අපේ රජය” යැයිද ඔහු ප්රකාශ කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායකවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධයෙන් මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන තීරණයක් ගන්නා බවයි.







