කීර්ති ප්‍රනාන්දු –
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි එම දේවස්ථානයේ සන්ක්රිස්ටීයන්වරයාව නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා විජේසූරිය අද (09) නියෝග කළාය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සන්ක්රිස්ටීයන්වරය ලෙස සේවය කළ සෙල්වදොරෙයි ප්‍රැන්සිස් මුනින්ද්රන් (මුනි) නමැති අයවලුන් ය.
ඉකුත් ජනවාරි එකොළොස් වැනිදා දේවස්ථානයේ තිබී සොයාගත් බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 9 ක දරුවෙකු සහ එම දේවස්ථානයේ සන්ක්රිස්ටීයන්වරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණ.
පසුව මුණි නමැති මෙම සන්ක්‍රිස්ටීයන්වරයව වරයා හැර අනෙක් පිරිස අධිකරණය මගින් නිදහස් කරන ලද අතර පොලීසිය මෙම මුනි නැමැති සන්ක්රිස්ටීයන්වරයාව තවදුරටත් රඳවා ගැනීමට කටයුතු කර තිබිණ.
පොලිසිය මෙසේ දේවස්තානයේ සන්ක්‍රිස්ටීයන්වරයව සාධාරණ හේතුවකින් තොරව රඳවා තබා ගැනීම හේතුවෙන් දැඩි සිත් වේදනාවට පත්ව සිටී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ඉකුත් පෙබරවාරි 4 වෙනි දින (නිදහස් දින) සන්ක්‍රිස්ටීයන් වරයාගේ සුවදුක් බැලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගියේය.









