අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක ක්ෂේත්‍රයේ පිරිසක් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස්

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කෙරේ.

ඒ අනුව ඔවුන් වෙත ලබා දුන් සහනය තවත් වසරකින් දීර්ඝ කෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන් වෙනුවෙන් සහන සැලසීමේ රජයේ වැඩ පිළිවෙල යටතේ 2020 දී මෙම සහනය ප්‍රකාශයට පත් කෙරිණි.

මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කල බව ඇමතිවරයා සදහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වන විට සංචාරක හෝටල්, සේවා සපයන ස්ථාන,මාර්ගෝපදේශකයන් හා රියදුරන් ලියාපදිංචිය කඩිනම් කිරීමටද බළධාරීන්ට උපදෙස් දී ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේ සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් සපයන්නන්ගේ ලියාපදිංචිය 39% කින් ඉහළ ගොස් ඇති අතර සේවා අංශයේ ලියාපදිංචිය 26% කින් ඉහළ ගොස් තිබේ.

සංචාරක පණත අනුව සියළුම සංචාරක සේවා ආයතන හා සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිිංචි විය යුතු වුවද බොහෝ සංචාරක සේවා ආයතන හා සේවා සපයන්නන් තවමත් අධිකාරියේ ලියාපදිංචි වී නොමැත.

කොවිඩ් තත්ත්වය තුල රජය විසින් ලබා දුන් සහන මේ අයට ලබාදීමේදී ද විවිධ ගැටළු මතු වූ බවත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මේ වසර තුලදී සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා කියයි.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හා බලපත්‍රලාභී මාර්ගෝපදේශකයන් පමණක් විදෙස් සංචාරකයන්ට මාර්ගෝපදේශ සේවා සදහා යොදවා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරිය අනිවාර්ය කර තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරිය සියළුම සංචාරක සංවර්ධන ආයතන වෙත දැනුම් දී ඇත්තේ ලියාපදිංචි හා බලපත්‍ර නොමැති සංචාරක මාර්ගෝපදේශකයන් විදෙස් සංචාරකයන්ගේ මාර්ගෝපදේශ සදහා යොදා ගන්නා ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. සංචාරක පොලීසිය මගින් දැනටමත් ඊට අදාල පරීක්ෂා කිරීම් සිදු කෙරෙන බවද එම අධිකාරිය සදහන් කරයි.

මේ වන විට දිවයින පුරා සංචාරක මාර්ගෝපදේශකයන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. ඔවුන් අතර ජාතික මාර්ගෝපදේශකයන් 1680 ක්, රියදුරු මාර්ගෝපදේශකයන් 1388 ක්, ප්‍රාදේශීය මාර්ගෝපදේශකයන් 1667 ක් හා ස්ථානීය මාර්ගෝපදේශකයන් 98 ක් සිටිති. ඔව්හු විධිමත් පුහුණුවකින් පසු අදාල බලපත්‍ර හා හැදුනුම්පත් ලබාගත් අය වෙති.
මේ අතර මේ වසර තුල මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව පසුගිය 07 වෙනිදා වනවිට මෙරටට සංචාරකයන් 104,739 ක් පැමිණ තිබේ. පසුගිය ජනවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 82327 කි.

මෙම මස (පෙබරවාරි)මුල් දින 07 තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 22412 කි. 2021 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණ තිබුණේ 1,94,495ක් බවද සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වෙයි.
මේ වසරේ මුල් දින 38 තුල මෙරටට වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 16844 ක් වේ.

ඉන්දියාවෙන් 14178 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 10007 කි. ඊට අමතරව යුක්රේනය,ජර්මනිය, ප්‍රංශය,පෝලන්තය, ඕස්ට්‍රේලියාව, කසකස්ථානය හා මාලදිවයින මෙ වසරේ මුල් දින 37 තුල මෙරටට වැඩිම සංචාරකයන් පැමිණී රටවල් වන බවද එම වාර්ථාවේ සදහන් වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හිගය කොවිඩ් පරීක්ෂාවටත් බලපායි

Next Post

පුෂ්පිකා ගේ කිරුළ ගැලවේ!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.