කාශ්මීරයේ පසුගියදා පැවති සහයෝගීතා දිනයේදී කාශ්මීරය සමග සහයෝගීතාවය පළකරමින් හයුන්ඩායි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ පකිස්තාන ශාඛාව සිය නිල ට්විටර් සහ ෆේස්බුක් සමාජජාලවල කරන සටහනක් හේතුවෙන් එම මෝටර් රථ වර්ජනය කිරීමේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සමාජ ජාල, අන්තර්ජාලය ඔස්සේ ඉන්දියාවේ ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ.
මෙම සහයෝගීතා සටහන සමාජ මාධ්‍යවල දැවැන්ත ප්‍රහාරයකට ලක්ව ඇත. ඉන්දියාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැන් හයුන්ඩායි මෝටර් රථ ඇනවුම් කළ අයට බලකරමින් සිටින්නේ එම වෙන් කිරීම් අවලංගු කරන ලෙසය.
ඉන්දියාවේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන්නේ හයුන්ඩායි සමාගමයි.
ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ සහ විශ්ව හින්දු පරිෂාද් පක්ෂවල ඇමතිවරුන්ගේ නිල සමාජ ජාල ගිණුම් හරහාද හයුන්ඩායි ඉන්දියාව තුළ වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි බව පෙනී යයි.
‘අපගේ කාශ්මීර සහෝදරයන්ගේ පරිත්‍යාගයන් සිහිපත් කර ඔවුන් නිදහස සඳහා අරගල කරන විට සහයෝගයෙන් නැගී සිටිමු’ යනුවෙන් හයුන්ඩායි පකිස්ථානයේ සමාජ ජාල ඔස්සේ සෙනසුරාදා ප්‍රකාශ කළේය. කෙසේවෙතත් දැන් එම සටහන ඉවත් කර ඇතැයි ද සඳහන් ය.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සිය විරෝධතා Hyundai India සහ කොරියානු සමාගමේ ගෝලීය ට්විටර් ගිණුම හයුන්ඩායි, මෝටර් රථ නිෂ්පාදකයාගේ පාකිස්තාන ශාඛා ගිණුම සමඟ ටැග් කරමින් සිටිති.







