ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දියත් වී ඇති සෞඛ්‍ය සේවකයන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් රෝග පරීක්ෂණ, සායනික කටයුතු ඖෂධ සැපයුම් රුධිර පරීක්ෂණ කොවිඩ් පරීක්ෂණ ඇතුළු රෝගී සත්කාරක සේවා අඩපණ වීම හේතුවෙන් රෝගීන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.
අද (07) උදෑසන හදිසි අනතුරකට ලක් වී ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ හෙදියකටත් වේදනා නාශක පෙත්තක් පවා නොදී ප්‍රතිකාර සිදුනොකර රොහලින් බැහැර කර ඇතැයි වාර්තා වේ.
මේ වනවිට මහනුවර රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සියයට 75ක් සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ සියයට 90ක් සේවය සඳහා වාර්තා කර නොසිටි බව රෝහල් අධ්යක්ෂවරු පැවසූහ.
කොළඹ ජාතික රෝහලේ සායන කීපයක් පැවැත්වූ නමුත් ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් කොළඹ ඔසුසල අසල දීර්ඝ පෝලිම් නිර්මාණය වී තිබිණි.
අක්ෂි රෝහලේ කටයුතුවලටත් බාධා පැමිණ ඇතැයි වාර්තා වේ. මේ තත්වය උදා නොකරගැනීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගත් නමුත් බලධාරීන් කිසිම පියවකර නොගත් බවත්, දැන් හෝ මැදිහත්වී සාකච්ඡා කර මෙම ගැටලුව විසඳා ගන්නට එක්වන ලෙසත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න පවසයි.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, හෘද පෙනහළු නිවේශක නිළධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ඖෂධ සංයෝජක නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, වෘත්තීයවේදීන් මෙම වර්ජනයට එක් වී සිටිති.