ප්රථම වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරීනියක් සහ සෙබළියන් 07 දෙනෙකු එක් වී සිටිති.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා නිලධාරීන් සහ සෙබළුන් 75 දෙනෙකු ලෙබනනය බලා ඊයේ (05) පිටත්ව ගියේය.
ෙමෙම භට පිරිස අවුරුද්දක කාලයක් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට අනුබද්ධිතව රාජකාරීවල නියැලීමට නියමිතය.
2010 වසරේ සිට මේ දක්වා ශ්රී ලංකා යුද හමුදා භට පිරිස් ලෙබනනය තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල රාජකාරී කටයුතුවල නිරත වී සිටිති.







