බී.බී.සී –
නිදහස් දිනයට විරෝධය පළ කරමින් යාපනය විශ්ව විද්යාලපරිශ්රයේදී අද(පෙබරවාරි 04) කළු කොඩි ඔසවා තිබිණි.
යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම,දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවය.
මේ පිළිබඳව කළ විමසීමකදී උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් පැවසූවේ ජාතික නිදහස් දින ජාතික වැඩසටහනේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති බව පැවසීම හරහා දෙමළ ජනතාවට තවමත් නිදහස් නොලැබි ඇති බව තහවුරු වන බවකි.
උතුරු නැගෙනහිර ජනතාවද මෙරට ජිවත්වන ජන කොටසක් බැවින් අදාළ පිරිස්වල ගැටලු වෙනුවෙන් විසදුම් ලබානොදි රජය කටයුතු කරමින් නිදහස් දින සැමරුමක් පැවැත්වීම විහිළුවක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා අතුරුදහන්වූවන් සොයාදීම වැනි කාරණා ඉටු කිරීමට යුද්ධය නිමවි වසර 10 ක් ගතවුවද රජයට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද විග්නේශ්වරන් පැවසීය.
මහවැලි සංවර්ධන වැඩසටහන් යනුවෙන් ව්‍යාපෘතියක් මගින් උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකරමින් පවතින අතර,ඒ තුළින් දෙමළ ජනතාවට තමන්ගේ නිජ භූමිය තුළ නිදහසේ ජිවත්වීමේ අයිතිය පවා උදුරාගනිමින් සිටින බවද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.