පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට රජයේ ඉහළ අංශ වෙතින් මේ වන විට දැනුම් දී ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.
පෙරේදා රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධියට සම්බන්ධයෙන් සෘජුවම ඔහුගේ පාර්ශවයක් සම්බන්ධ බවට මේ වන විට පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එම අනාවරණයන් ගෙන් පසු රාජ්‍ය ඇමතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම්දී ඇති බව එම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.
අරුන්දික ප්‍රනාන්දු මහතා ද තමන් මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බව ප්‍රකාශ වුවහොත් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ඊයේ ප්‍රකාශ කර තිබුණි.
පොලිස් විමර්ශනවලදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා සම්බන්ධ බවට හඳුනාගෙන තිබුණේ ඔහු පොලිසියට ඉදිරිපත් නොකර සිටීමට දැරූ ප්රයත්නයන් ද වැළකී ඇති අතර ඒ අනුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට මේ වන විට භාර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි අවින්ද රන්දිල් ජෙහාන් බව පවසා ඇත.
රාජ්‍ය අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙසට බලකිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම සිද්ධිය පමණක් නොව, පසුගියදා අධිකරණ වරෙන්තු පිට විදේශගතව සිටි මත්පැන් ජාවාරම්කරුවකු රහසිගත ලෙස ඩුබායි සිට මෙරටට ගෙන්වා ඔහු රහස් පොලිසිය හරහා නිදහස් කිරීමට මැදිහත් වීම සම්බන්ධයෙන් පවතින චෝදනාව ද හේතුවක් වී ඇති බව පැවසේ.
දේශපාලනික වශයෙන් අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟත් හිටු සම්බන්ධතා පවත්වා ගනිමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන පුද්ගලයකු ලෙස ද දේශපාලනයේ ඉහළ තලය අතර අපකීර්තියට ලක් ව ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳ තහවුරු කරගැනීමට ලංකාසර කීපවතාවක්ම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු එයට ප්‍රතිචාර නොදැක්වීය.







