ආහාර මිලදී ගැනීම සඳහා ඇෆ්ගනිස්තානයේ ඇතැම් පවුල් සිය ළදරුවන් විකිණීමේ නිරත වන බවට තොරතුරැ අනාවරණය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු සදහන් කළේ ඇෆ්ගනිස්ථානුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් දැඩි ලෙස සාගින්නෙන් පෙළෙන තත්වයක් බිහිවී ඇති බැවින් මෙවැනි වටාපිටාවක් නිර්මාණය වී ඇති බවයි.
මෙම එම තත්වය වැළැක්වීම සඳහා දැනට නවතා ඇති ඇෆ්ගන් ආධාර වැඩසටහන් යළි ආරම්භ කරන ලෙසද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෙහිදී ජාත්‍යන්තර ප්‍රජාවෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
මෙහිදී ඔහු තලේබාන් සංවිධානය වෙත අවධාරණය කළේ කාන්තා සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අනිවාර්යෙන්ම කඩිනමින් ගත යුතු බවයි.







