කීර්ති ප්‍රනාන්දු –
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (28) දින තහවුරු වී තිබේ.
මන්ත්‍රීවරයා අද( 28) දින කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත.
මේ වන විට මන්ත්‍රීවරයා සිය නිවෙස තුළ නිරෝධායනය වෙමින් සිටින අතර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත වීමට නියමිතව ඇතැයි ආරංචි මාර්ග පවසයි.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමත් සමඟ මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යනු ඇති.









