ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන් ය.
ඇය මියයන විට 70 වැනි වියෙහි පසුවූවාය.
ගුරුවරියක් වූ ඇය පසුගිය වසරේදී ලැබූ පත්වීම මත ඉතාලියේ මිලානෝහි නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද කටයුතු කරමින් සිටියාය.
විවිධ ශෛලීන්වල ගීත ගායනයෙන් දස්කම් දැක්වූ ඇය චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද සිනමාපට විශාල සංඛ්‍යාවකට දායක වී තිබේ.
කීන දම් මිටක්, බෝධියේ විහාරයේ, දවසක් දෑ රෑ වසන්ත සැණකෙලියේ, යාළුවේ සිතින්, පාරමි දම්, සුදු මුතු රළ පෙළ, පෙම් සිලිලාරේ, දෑතට වළලු, මාස්ටර් සර්, වියෝ ගී, පුංචි සිතේ පුංචි සිනා, මගේ ලොවට ඔබ වඩින තුරා ආදී ගීත බොහොමයක් ඇය ගායනා කර ඇත.







