පාසල් මුරකරුවන් 6800 ක් වැඩ වර්ජනයකට සුදානම් වන බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පවසයි .
අද (16) දින මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පාසල් දස දහසක් පමණ ප්‍රමාණයක් රට තුළ තිබුණත් පාසල් මුරකරුවන් සිටින්නේ අට දහසක් පමණක් බවත් සමස්ථයක් වශයෙන් මේ වනවිට පාසල් මුරකරුවන් 6500ක් පමණ පුරප්පාඩු පවතින බවත් කී ලේකම්වරයා මේ මුරකරුවන් වෙනුවෙන් අතිකාල ගෙවීම පාසල් අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ගැටලුව ඇති තිබෙන බව කීවේය.
“රජය මගින් 2017 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛය අනුව මුරකරුවන්ගේ සේවා කාලය පැය 12 ක්ව පැවතියත් එය පැය 09 දක්වා අඩු කර ඇති බැවින් පැය 12ක සේවා කාලයක් සම්පූර්ණ කරන මුරකරුවෙකුට පැය 03 ක අතිකාල දීමනා ගෙවීමට නියමිතයි.“
“ඒත් 2021 දෙසැම්බර් මාසය දක්වා කිසිදු අතිකාල ගෙවීමක් සිදු කර නොමැති බැවින් ඊට එරෙහිව දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගගෙන එය වැඩවර්ජනයක් දක්වා යාමට සිදුව තිබෙනවා .“
“එම තත්වය හමුවේ පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමටත් අප පියවර ගෙන තිබෙනවා . පැය 09 සේවා මුරෙන් පසු මුරකරුවන් ඉවත්වි යාමෙන් පසු පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මුරකරුවන් කිසිදු ආකාරයකින් වග කීමට බැඳී නොසිටින බවට පොලිස්පතිවරයා හා පළාතේ ඉහළ පොලිස් නිලධාරීන් ද පළාත් අධ්‍යාපන බලධාරීන් ද දැනුවත් කිරීමටත් පියවර ගෙන තිබෙනවා.“
ඒත් දගින් දිගටම කරන දැනුම්වත්කිරීම්වල ප්‍රතිඵල නෑ. ඒ නිසා වැඩවර්ජනයකට යන්න සිද්ධ වෙලා තියනවා. ලේකම්රයා කීවේය. .