විශේෂඥ වෛද්‍යවරුන්ගේ , ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ මාරු මණ්ඩල ගැටලුවට සිදුකරන දේශපාල අතපෙවීම් වහාම නතර කර නොකරන්නේ නම් මේ සතිය තුල අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව තීරණය කළ බව සංගමයේ කමිටු සාමාජික වෛද්‍ය හංසමාලා වීරසූරිය සඳහන් කරයි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් ගැනීම සම්බන්ධයෙන් වූ අයිතිය මධ්‍යම කාරක සභාව මගින් විධායක සභාව අද දිනයේදී ලබා දුන් බවද හෙතෙම පැවසීය.
පසුගිය දෙසැම්බර් 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බවත් එව තවත් දැඩිකරමින් මේ අනුව ක්‍රියාත්මක කරන බවද සංගමය අවදාරණය කරයි.
වෛද්‍ය වරුන්ගේ පරිපාලන කටයුතු අයාලේ ගිය බවත් එය නිසි මගටකට යොමුකරමින් වඩාත් පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මැදිහත් වීම මත කරගෙන ආ නමුත් වත්මන් දේශපානය තුළ අනවශ්‍ය ඇගිලිගැසීම් හා බලපෑම් සිදුකරමින් පවතින බවත් වෛද්‍ය වීරසූරිය මහතා පෙන්වාදේ.
සෞඛ්‍ය අමාත්‍යංශයට පොදුවේ සෞඛ්‍ය සේවාවට සිදුව ඇති දේශපාලන අතපෙවීම් සම්බන්ධයෙන් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ, විද්වතුන් ඇතුලු රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීමේ වැඩපිලිවෙළක්ද මේ සතිය තුළදී දිවයින පුරා ක්‍රියාත්ම කරන බවද හෙතෙම පෙන්වාදේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව රජයෙ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එවා ඇති ලිපියේ සඳහන් ව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් යම් යම් අතපසුවීම් සිදුව ඇති බවට පිලිගන්නා බවක් යැයිද සංගමය පෙන්වාදේ.
මෙහිදි සංගමයේ සාමාජිකයින් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරීන්ට චක්‍රලේඛයක් හෝ ආයතන සංග්‍රහය කියවා වටහා ගැනීමේ හැකියාවක් නොමැති බව මෙම ලිපියෙන් මනාව හෙලිවන බවය.