මගී ප්‍රවාහනයේදී බස් රථ වල රියදුරු හා කොන්දොස්තර යන දෙදෙනාම අනිවාර්යයෙන් සිටිය යුතු බවට මගී ප්‍රවාහන පනතේ ඇති වගන්තිය සංශෝධනය කර කොන්දොස්තරවරයාගේ සේවය අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම පවසයි.
මේවන විට ලෝකයේ රටවල් රැසක මගී ප්‍රවාහන බස් රථ ක්‍රියාත්මක වන්නේ කොන්දොස්තරයෙකු නොමැතිව බවත් නව සංශෝධනයත් සමඟ බස් හිමියන්ට තම කැමැත්ත මත කොන්දොස්තරවරයෙකුගේ සේවය ලබා ගැනීම හෝ නොගැනීම තීරණය කළ හැකි බවද ඔහු කියයි.
මහනුවරදී අද (30) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා බව ප්‍රකාශ කළේය.
කොන්දොස්තරවරු නොමැතිව බස් රථ ධාවනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස බස් හිමියන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම තීරණයට එළඹි බවද හෙතෙම පැවසීය.
අධිවේගි මාර්ග වල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථ වලට කොන්දොස්තරවරයෙකුගේ සේවය අනවශ්‍යය බවත් ඉදිරියේදී මෙරටට ආනනයනය කරන ස්වයංක්‍රීය දොරවල්, පිටුපස කැමරා පද්ධති ඇතුළු නවීන පහසුකම් සහිත බස් රථද කොන්දොස්තරවරයෙකුගේ සේවය නොමැතිව ධාවනයේ යෙදවිය මට්ටමේ පවතින බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය