බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති වන්දනාවේ ගිය සැප ජෙට් එක යාලුවෙක් නොමිලේ දීලා!

by Lanka Sara Editor
දෙසැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමාජ ජාලය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන්, ඉන්දියාවේ වන්දනා ගමනක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අය පසුගිය දා දෙදින සංචාරයක නිරත වී තිබූ පෞද්ගලික ව්‍යාපාරික ජෙට් යානය, අගමැතිවරයාගේ මිතුරෙකු විසින් නොමිලේ ගමන් පහසුව සැලසීම සඳහා ලබාදුන් එකක් බව ‘ද මෝනිං’ පුවත් වාර්තා කරයි.

ඒ බව අග්‍රාමාත්‍යවරයාගේ දෙටු පුත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා තහවුරු කර ඇත.

කෙසේ වෙතත් එම ජෙට් යාන‍යේ හිමිකරුගේ නම ඔහු නොදන්නා බවට පවසා ඇති අතර එය මිත්‍රශීලී සංග්‍රහයක් බවට ද ඔහු පවසා ඇත.

දෙසැම්බර් 23 වැනි දින වන්දනා චාරිකාවක් සඳහා අගමැතිවරයා ඇතුළු පවුලේ අය පෞද්ගලික දෙදින සංචාරයක නිරත විය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ඊට සමගාමීව තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිල් එම්බ්‍රේර් ලෙගසි 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප, සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වී තිබුණි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා ජෙට් යානය හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ද මෝනින් පුවත් වාර්තා කර තිබේ.

අන්තර්ජාලයේ ඇති තොරතුරුවලට අනුව, Legacy 600 ව්‍යාපාරික පන්තියේ ජෙට් යානයක සාමාන්‍ය කුලී ගාස්තුව පැයකට USD 6,700ක් පමණ වේ.

ද මෝනිං වැඩිදුරටත් වාර්තා කර ඇති පරිදි අගමැතිවරයා ගමන් , ‘T7-JSG’ යානය කුඩා යුරෝපීය රාජ්‍යයක් වන සැන් මැරිනෝ රජයේ ලියාපදිංචි වී ඇති බවය. එම රාජ්‍යය බදු තෝතැන්නක් ලෙස ද ප්‍රකටය. එහි ලියාපදිංචි වී ඇති Legacy 600 JetSetGo Aviation Services Private Limited හි ඇති බොහෝ ගුවන් යානා වලින් එකක් බවද එම වාර්තාවේ දැක්වේ.

මෙම සමාගම ඉතා ධනවත් පුද්ගලයින්ට, ප්‍රභූවරුන්ට පුද්ගලික ගුවන් යානා කුලී සේවා සපයන ඉන්දියානු සමාගමකි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයෙකු ලෙස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අසුන් ගැනීම විශේෂත්වයකි.

සමාජ මාධ්‍ය වල තිබූ තොරතුරු වලට අනුව මෙම යානය දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

අගමැතිවරයා ගමන්ගත් T7-JSG යානයේ ගමන් මාර්ගය පිළිබඳ විස්තර RadarBox, ගුවන් යානා ලුහුබැඳීමේ සමාගමේ ගුවන් යානා සහ පියාසැරි තොරතුරු තත්‍ය කාලීනව සිතියමක ප්‍රදර්ශනය කරන තොරතුරු ඔස්සේ ලබාගෙන ඇති අතර ඒ අනුව දෙසැම්බර් 17 වැනිදායින් පසු, දෙසැම්බර් 22 වැනි දින චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් ව රත්මලානට පැමිණීමට පෙර, එතෙක් යානය එහි තිබූ ස්ථානය පිළිබඳ තොරතුරු කිසිවක් නොතිබුණි.

පසුව දෙසැම්බර් 23 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ යානය රත්මලානෙන් තිරුපති බලා පිටත් විය. මේ අනුව, දෙසැම්බර් 24 වන දින යානය නැවත වරක් රත්මලාන සිට නවදිල්ලිය බලා පිටත්ව යන බව දත්ත පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේක්හවුස් මාධ්‍යවේදියාගේ සේවය නොදන්වා අත්හිටුවීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇමැති ඩලස්ගෙන් අසයි

Next Post

ඇමති සමග සාකච්ඡා සාර්ථකයි…. දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අත්හරිති….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.