ශ්‍රී ලංකා බලධාරින් කළ ඉල්ලීමක් සලකා බලා විනිමය හුවමාරු ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200 පියවීම සඳහා තවත් මාස තුනක සහනයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟවී තිබේ.
ශ්‍රී ලංකා බලධාරීන් කළ ඉල්ලීමක් අනුව මෙම තීන්දුව ගත් බව බංග්ලාදේශ මහ බැංකු නිලධාරියෙක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
බංග්ලාදේශ මහ බැංකුව විසින් අදාළ මුදල කොටස් තුනක් ලෙස ශ්‍රී ලංකාවට නිදහස් කළේය.
එම මුදල සඳහා ගෝලීය බැංකු කෙටි කාලීන ණය සඳහා ජාත්‍යන්තර අන්තර් බැංකු වෙළෙඳපොළ තුළ එකිනෙකාට ණය දෙන මිණුම් ලකුණ වූ LIBOR (London Interbank Offered Rate) + 2%ක පොලීයක් බංග්ලාදේශ මහ බැංකුවට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතුය.