මනම්පිටිය නිමල් ජයරත්න –
ඒ පුංචි එකාට අවුරුදු 11යි. ඉගෙන ගන්නේ මහියංගන ජාතික පාසලේ 6 වසරේ. පුතාගෙ නම ජේ.එම් මාධව කල්හාර. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහන්න පවුලක දරුවෙක්. ඒ පුතා පදිංචිවෙලා හිටියේ මහියංගන අංක 2 ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ලිපි ලිපිනයෙ. පදිංචි අවුරුදු හැත්තෑ හතක් වයසැති හා ඔහුගේ වන අවුරුදු 11 ක් වයසැති, ජේ. එම්. මාධව කල්හාර
මාධව පුතා එයාගෙ සීයා පී.ජී .ධර්මදාස (71) එක්ක මහියංගනයෙ සිට වීරාණ ඥාති නිවසකට ගිහින් එන ගමන් අරලගංවිල ටවුන් එකට ගොඩවුණා. එනකොට වීරාණ මංසන්ධියෙදි පුංචි එකා දැක්ක දෙයින් තිගැස්සුනා. පන්දාහෙ කොළ හයක් බිම වැටිලා. තැන තැන විසිරිලා. රුපියල් තිස් දාහක්.
පුතා වටපිට බැලුවා. කිසිම කෙනෙකුගෙ අවධානයක් නෑ. ඔහු සල්ලි ටික අහුලගත්තා. සීයා දිහා බැලුවා.
“ අනේ සීයෙ. මේ සල්ලි ටික අයිති කෙනාට දෙන්න ඕන“
සීයා උඩ බිම බැලුවා.
“ මේවැයි අයිතිකාරයො කොහොන් හොයන්නද පුතේ …“
සීයා කිව්වට පොඩි එකා අහන්නෙම නෑ. අයිතිකාරයා හොයලා සල්ලි ටික දෙන්න එක පොරයයි. දැන් කරන්න දෙයක් නෑ. සීයා පොඩි එකා එක්ක ආවා අරලගංවිල පොලිසියට. පොලිස් ස්ථානාධිපති වසන්ත ප්‍රේමලාල් හම්බවුනා.
සීයා ප්‍රේමලාල් මහත්තයට විස්තරේ කිව්වා.
“ අනේ මහත්තයො.. මේ දරුවා වීරාණ හන්දියෙ තිබිලා මේ නෝට්ටු ටික ඇහිලුවා. රුපියල් තිස් දාහක් තියනවා. කොලුවට ඕන අයිතාකාරයා හොයලා ඒක දෙන්න. ඔබතුමාට සල්ලි ටික දීලා යන්න ආවෙ.“
පොලිස් ස්ථානාධිපති තුමා තිගැස්සුනා. පුටුවට බරවෙලා ආපහු පුංචි එකා දිහා බැලුවා. පුතා ඇස් දෙකේ බලාපොරොත්තු පුරෝගෙන බලා ගෙන ඉන්නවා.
“පුලුවන් වෙයිද මාමෙ මේ සල්ලි ටික අයිති කෙනා හොයාගන්න…“
පොලිස් ස්ථානාධිපති තුමා හිස වැනුවා. “පුලුවන් උපරිම උත්සාහ කරනවා පුතේ“.
පොඩි එකාට මුහුණෙ සිනාවක් ඇඳුණා.
“ ඇයි පුතා මේ සල්ලි ටික ගෙදර ගෙනියන්නෙ නැතිව අයිති කෙනාට හොයලා දෙන්න හිතුවෙ.“
පොඩි එකා බිම බලාගත්තා.
“මගෙ තාත්තා නිසා…“ හිමින් මිමිණුවා.
ස්ථානාධිපති තුමා පුතාගෙ සීය දිහා බැලුවා.
“ ඔවු මහත්තයො. පුතාගෙ තාත්තාත් පොලිසියෙ. එයා කන්දකැටියෙ පොලිසියෙ තමයි වැඩ කළේ. එයා කාලෙක ඉඳන් අසනීපෙන් ඉන්නෙ…“ සීයා කිව්වා.
ස්ථානාධිපති තුමා පුංචි එකා දිහා බැලුවා. පුංචි එකා හිමිහිට මිමිණුවා.
“ මගෙ තාත්තට ඉක්මනට හොඳ වෙන්න ඕන. මේ පිනෙන් එයාට හොඳ වේවි“
පොඩි එකා කිව්වා. පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් මහත්තයා කාටවත් නොපෙනෙන්න කඳුලු පිහගත්තා.
“ මම කොහොම හරි මේක අයිති කෙනා හොයලා දෙනවා මගෙ පුතේ.“
“පුතාගෙ තාත්තාට ඉක්මනින් හොඳ වෙනවා. ඒ ගැන කිසිම සැකයක් නෑ. පුතා වගේ හොඳ ළමයෙක් හදපු ඒ තාත්තාට කවදාවත් නපුරක් වෙන්නෙ නෑ.“
ප්‍රේමලාල් මහත්තයා පුංචි එකාගෙ හිස අතගාමින් කිව්වා








