සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
වාර්ෂික වෛද්‍ය මාරුවීම් ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරේදා දිනයේ සිට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මේ වනවිට සියලුම රෝගී සත්කාරක සේවා බිඳවැටෙමින් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මේ වනවිට වෘත්තීය සමිති කීපයක් වර්ජනය සඳහා එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේය.







