ලලිත් චාමින්ද –
හබරාදුව හැඩිදෙමළකන්ද, උණවටුණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (16) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව මිපේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදිවියේ පසුවන එක්දරුපියෙකි.
පසුගිය ඔක්තෝබර් මස 14 වැනි දින මෙම ව්‍යාපාරිකයා සිය ඉඩමේ තණකොළ කපමින් සිටියදි යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කොට තිබුණි. පොලිසිය විසින් මෙම ඝාතනය සම්බන්ධයෙන් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයා ඝාතනය කිරිම සඳහා පැමිණි යතුරුපැදිය පදවාගෙන ගොස් ඇත්තේ මෙම සැකකරු විසින් බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මොහු සමග පැමිණි අනික් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (17) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
ගාල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරි මයුර පෙරේරාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක වසන්ත ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.







