තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා මේ වන විට නවසීලන්තයේ එරට ජාතික කණ්ඩායම සමඟ එක්ව සිටින බංග්ලාදේශ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත්ට කොවිඩ්-19 ආසාදනය වී තිබේ.
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් මේ බව මාධ්‍ය වෙත තහවුරු කළේය.
“අපේ පන්දු යැවීමේ පුහුණුකරු හේරත් Covid-19 ආසාදනය වෙලා. එහි ඇති නීතිරීතිවලට අනුව හේරත්ට තවත් දින ගණනක් නිරෝධායනය වීමට සිදුවනු ඇති,” අක්‍රම් මාධ්‍ය වෙත පැවසීය.
බංග්ලාදේශ කණ්ඩායම අනිවාර්ය දින හතක හුදකලා කාලයක් සම්පූර්ණ කර ඇත. නමුත් හේරත් කණ්ඩායමෙන් වෙන් කර ඇති අතර ඔහු වැඩි දින ගණනක් වෙනම හුදකලා කර තිබේ.
බංගලාදේශ කණ්ඩායම නවසීලන්තයට පියාසර කරන අතරතුර ඔවුන් අසල වාඩි වූ මගියෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා බංග්ලාදේශ කණ්ඩායමේ මොමිනුල් හක්, යසීර් අලි, ෆාස්ලේ රබ්බි සහ මෙහෙදි හසන් මිරාස් හුදකලා කළ කාලය තවත් දින කිහිපයකට වැඩි කර ඇති බව ක්‍රිකට් මෙහෙයුම් සභාපති අක්‍රම් ඛාන් කීවේය.
කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් අද කොවිඩ් -19 පරීක්ෂණවලට භාජනය කර ඇති අතර එය මෙතෙක් මෙම සංචාරයේ දී ඔවුන් කොවිඩ් සඳහා පරීක්ෂණයට ලක් කළ තුන්වන වාරය වේ.
අද පැවැත්වෙන පරීක්ෂණවල ඉතිරි ප්‍රතිඵලවලින් සංචිතයේ වෙනත් කිසිවකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත්ද යන්න තහවුරු වනු ඇත.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් .ලෙස නවසීලන්තයේදී බංග්ලාදේශය ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කරයි.
පළමු ටෙස්ට් තරගය ජනවාරි 1 වැනිදා මවුන්ට් මැංගනුයිහිදී ආරම්භ වන අතර දෙවැනි සහ ටෙස්ට් තරගය ජනවාරි 9 වැනිදා ක්‍රයිස්ට්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතය.
.







