කොවිඩ් වයිරසයට ගොදුරුවූ දරුවන් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බැවින් දරුවන්ට කොවිඩ් එන්නත ලබා දිමට උනන්දුවක් දක්වන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සදහන් කරයි.
මේ වන විට අවුරුදු 16 -19 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ෆයිසර් එන්නත් එක් මාත්‍රාවක් ලබා දී ඇති අතර ජනවාරි හෝ පෙබරවාරි මාසය තුළ එහි දෙවන මාත්‍රාව ලබා දීමට අනුමැතිය ලැබී ඇති බැවින් එය ලබා දීමට කටයුතු කරන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ඉල්ලා සිටියි.
මීට අමතරව අවුරුදු 12 – 15 අතර වයස් කාණ්ඩයේ දරුවන්ට කොවිඩ් 19 මර්දනය සදහා ෆයිසර් එන්නත එන්නත කමිටුව මගින් අනුමත වී ඇති බැවින් එය ලබා දිමට කටයුතු කරන්නැයි ද ඇය ඉල්ලීමක් කරයි.
මේ වන විට දරුවන් පාසල් යන අතර පාසලින් කොවිඩ් වයිරසය නිවස වෙත ගෙන්වා නොගන්නැයිද නිවසේ තිබෙන වයිසරය පාසල වෙත රැගෙන නොයෑමටත් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත හැඩගස්වා ගන්නැයි ඇය ඉල්ලීමක් කළාය







