මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද සුසිරිගම ගම්මානයේ කෙත් ඇලක විදුලිසැර සැර වැදී මියගිය වන අලියෙකුගෙ සිරුරක් අද (14) උදෑසන හමුවූ වැලිකන්ද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
එම අලියාට විදුලි සැර වැදී ඇති අතර ඊට ආසන්න ගෙවත්තේ හිමිකරු විසින් නීති විරෝධීව අනවසරයෙන් ඇද තිබු විදුලි රැහැන්වල ගැටී එම අලියා මිය ගොස් ඇති අතර එම විදුලි රැහැන් ඇද ඇති වූ පුද්ගලයා බවට සැකකරන අවුරුදු 65ක් වයසැති අයකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ. ඩී. ජානක අප කළ විමසීමකදී සඳහන් කළේ ය.
මියගිය අලියා ගේ වයස අවුරුදු 35 ක් පමණ වන බව ද ඔහු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අදාල විදුලි රැහැන් සමග, අද පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
මියගිය අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සවස සිදුකරන බව වැලිකන්ද අඩවි ආරක්ෂක කේ ඩී ජානක සඳහන් කරයි.







