තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ –
රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක “පොඩි ලැසී” නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම දැනුම් දීම සිදු කරන ලදී.
තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේ දී එම දැනුම් දීම සිදුකෙරුණි.
මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී කරලියැද්ද ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
“පොඩි ලැසී” ගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතය.
ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරුණි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට නියම කෙරුණි.
ලාංකාදීප







