ශ්‍රී ලංකාවේ නීතිය විෂයයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහාවන පාර්ලිමේන්තු අනුකාක සභාව විසින් පත් කළ තාක්ෂණික කමිටු වාර්තාවක් අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යාපන උපදේශන සභාවට ඉදිරිපත් කර තිබේ.
රාජ්‍ය ආමත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කරන එම යෝජනාව මගින් පාසල් විෂය මාලාව තුළ දැනට 6වන ශ්‍රේණියේ සිට 9වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් වී ඇති පුරවැසි අධ්‍යාපනය විෂය මෙම ප්‍රතිසංස්කරණවලින් අනතුරුව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් මෙම අමාත්‍යාංශ උපදේශක සභාව පැවැත්විනි.







