මේ වන විට සිදුව ඇති කොවිඩ් මරණ 14000න් 11800ක්ම වයස අවුරුදු 60 ඉක්මවූවන් යැයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි
මාත්‍රා දෙකම ලබා ගත්තද වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට ගොඩනැගෙන ප්‍රතිශක්තිය අවම බැවින් ඔවුන්ට තුන්වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කර ඇතැයිද එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද මෙහි උපරිම ආරක්ෂාව සලසා ගැනීමට නම් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිළිපැදිය යුතු යැයි ද හෙතෙම පැවසීය.
වයස අවුරුදු 16ට වැඩි ජනගහනය මිලියන 16.2 සිටින අතර මින් මිලියන 15.8ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කල සියයට 98 යැයි වෛද්‍ය සමිත ගිනිගේ සදහන් කරයි
මෙහි දෙවන මාත්‍රාව සියයට 84ක් දෙනාට ලබා දී ඇති බවද හෙතෙම පවසා සිටියි.