පොහොර අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10 යි 30 ට පැවැත්වෙන බව වාර්තා වේ.
කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එම සාකච්ඡාව පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඊයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
පොහොර අර්බුදය විසඳීම සඳහා රසායනික පොහොර ගෙන්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අතර ඊයේ උදේ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා කීවේ වී ඇතුළු භෝග සඳහා යූරියා ඇතුළු රසායනික කෘෂි පෝෂක ගෙන්වීමට රජය කටයුතු කරන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය තමන්ට සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී ඇති බවය.
එහෙත් ඊට ස්වල්ප වෙලාකවට පස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ වී හෝ එළවළු භෝග සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට රජය කිසිම තීන්දුවක් ගෙන නැති බව කීවේය.