ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත මකා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එපික් ලංකා ආයතනයේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයාට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් අද ඇප ලබා දුන්නේය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී රාගල නියෝග කළේ සැකකරුට විදේස ගමන් තහනම ඇතුළු දැඩි ඇප කොන්දේසි පනවමිනි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ලේඛන ලක්ෂ 11ක් තොරා එකට එකතු විධානයක් දී මකා දැමූ බවටත්, පරිගණකය කිහිපවරක්ම එය ප්රතික්ෂේප කරද්දිත් තුන්පාරක් විධාන දී මෙම දත්ත ගොනු මකා දමා ඇති බවත් ඔහුට විවෘත අධිකරණයේ දී චෝදනා එල්ල විය.







