කීර්ති ප්‍රනාන්දු –
ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමත් සමග සමස්ථ රාජ්‍ය සේවයේම වැටුප් විෂමතාවයක් ඇති වූ බවත් මෙවර අයවැයේ දී සමස්ථ රාජ්‍ය සේවය වැටුප් වැඩිවීම නොසලකා හැරීමට එරෙහිව සිය වෘත්තීය අරගලය සූදානම් කරන බවත් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර ලංකසරට පැවසීය.
සභාපති සුමිත් කොඩිකාර මෙසේද පැවසීය.
“මේ අයවැය රාජ්‍ය සේවකයන් පමණක් නොවෙයි… සමස්ථ ජනතාවම කබලෙන් ලිපට දැම්මා. රාජ්‍යසේවකයන් ලෙස පොදුවේ වෘත්තීය සංගම් අයවැයට පෙර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. එහෙත් මේ අයවැය යෝජනාවලියේ දි ඒ ඉල්ලීම් සලකා නෑ.“
“ඒ එක්කම ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා. ඔවුන් රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක සංඛ්‍යාවෙන් ලක්ෂ එක දෙකහමාරක් විතරයි. ඉතිරි ලක්ෂ දොළහ හමාරට කිසිම දෙයක් නෑ.“
“මේ කළේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය තවත් බරපතල ලෙස වැඩි කිරීමක් . සමස්ථ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් අපට තීරණයක් ගන්න වෙනවා. අපේ යෝජනාව ඉදිරි සති කීපය තුළ සලකා බැලුවෙ නැතිනම් අපිට පෙර දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙන බව අපි ජනාධිපතිතුමාව ලිඛිතව දැනුම්වත් කරලා තිබෙන්නෙ.“







