මෙරට සංගීත ක්ෂේත්රයට පුරා දශක හතරක් විශිෂ්ට සේවයක් කළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වූ ලක්ෂමන් විජේසේකර මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දී සිටිමු. මිය යන විට ඔහු 73වන වියෙහි පසුවිය.
රටේ සමාජ දේශපාලන කාරණා විෂයෙහි අතිශයින්ම ප්රගතිශීලී ස්ථාවරයක හිඳ සිය කලා භාවිතය කළ ලක්ෂ්මන් විජේසේකරයන් කලෙක පටන් සිටියේ අසනීප තත්වයෙනි. ඔහු රෝහල්ගතව ප්‍රතිකාර කරමින් සිටියේය.
ලක්ෂ්මන් විජේසේකරයන් ගැයූ දැල්වූ පහන්, ඇති දේ ඇති සැටියෙන්, ඔබ මට තරුවකි, දෑත දෙපා ලන ගිගිරි සරින්, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ, බාල ළමා වරුනේ, සිනා පිපෙනා මේ වසන්තේ වැනි ගීත සහෘද හදවත් තුළ දැඩිව තැන්පත් වී තිබුණේය. එසේම, විලම්බීත (ටී.බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.
සංගීතවේදී ලක්ෂමන් විජේසේකරගේ දේහය මහජන ගෞරවය උදෙසා හෙට (13) දින ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී සිදු කෙරේ.







