කීර්ති ප්‍රනාන්දු –
විසි එක් හැවිරිදි අවිවාහක තරුණියක බලහත්කාරයෙන් පැහැරගෙන යාමට කොළඹ සිට අනුරාධපුර ගල් කඩවලට පැමිණි බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙකුට එම තරුණියගේ සහෝදරයා විසින් පහර දී මරා දමා තිබේ.
පෙරේදා (10) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් පහරකා මිය ගොස් ඇත්තේ මල්ලවආරච්චිගේ පැතුම් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු නාවින්න හා කොළඹ පිහිටි “හිස කෙයා“ රූපලාවන්‍යාගාර දෙකේ හිමි කරුය. සිය බිරියගේ උපන් දිනයට කෝටි දෙකක් වටිනා බෙන්ස් රථයක් තෑගි කර සමාජ මාධ්‍යය කැළඹවූයේ ඔහුය.
ප‍්‍රහාරය එල්ල කළ තරුණියගේ සහෝදරයා ඇලයාපත්තුව පොලීසිය මගින් 10 දා රාත්‍රියේම අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය කියන්නෙ මිය ගිය පුද්ගලයා සැකකරුගේ නිවසට තවත් පිරිසක් සමග පැමිණ ඇතිකරගත් කෝලාහලයක දී සැකකරු විසින් මිය ගිය පුද්ගලයාට කැත්තකින් පහර දී ඇති බවය. එම ප්‍රහාරයේ තුවාල නිසා පහර කෑ පුද්ගලයා මියගොස් ඇති බවය.







