නාය යෑමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් සහ හිඟුලෙන් තාවකාලිකව ඊයේ (10) වසා දැමූ කොළඹ නුවර පාර අද දහවල් 1 සිට පොදු ප්‍රවාහන සේවා සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබේ.
අද උදෑසන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් පිරිසක් සහ පේරාදෙණිය සරසවියේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ විද්වත් කණ්ඩායමක් ස්ථානීය පරීක්ෂාවක් කිරීමෙන් අනතුරුව ලබා දුන් නිර්දේශ මත මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.







