බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැයෙන් විසඳුම් නොලැබුණොත් පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අර්බුදයක

කර්මාන්තකරුවෝ කියති

by Lanka Sara Editor
නොවැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අයවැයට පෙර පෞද්ගලික රෝහල් සඳහා අපි රජයට යෝජනා ඉදිරිපත් කළා
  • ඒවාට ඇහුම්කන් නොදුන්නොත් මේ වසංගත සමයේ සෞඛ්‍ය පද්ධතිය තුළ තවත් ප්‍රශ්න වැඩිවේවි
  • මෙවර අයවැයට අපි යෝජනා ඉදිරිපත් කළේ ක්ෂේත්‍රයේ වගේම ජනතාවගේත් සුබසිද්ධිය ගැන හිතලයි

 

පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති,
ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි

 

කොවිඩ් 19 වසංගතය පැතිරයාමත් සමග රෝහල්වල රෝගීන්ගේ ධාරිතාවය ඉක්මවායාම හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය පසුගිය සමයේ දැඩි අර්බුදයකට මුහුණපා සිටි බව නොරහසකි .මෙම වාතාවරණය මධ්‍යයේ පෞද්ගලික රෝහල්ද රෝගීන් වෙනුවෙන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනු ලැබීය.මේ අතර,පෞද්ගලික රෝහල් හරහා ලබාදෙන සේවාවන් සහ ඒවායේ පහසුකම් පිළිබඳව ජනතාව තුළද විවිධ ප්‍රශ්න,ගැටලු ඇත.මුදල් අමාත්‍යවරයා 2022 වසර සඳහා වන අයවැය වාර්තාව තවත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සැරසෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අරභයා මෙවැනි වාතාවරණයක් මතුව තිබියදීය.මෙරට පෞද්ගලික රෝහල් නියෝජනය කරන එකමුතුව වන පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයද මෙවර අයවැය වෙනුවෙන් සිය යෝජනා මේ වනවිට රජය වෙත ඉදිරිපත් කර තිබේ.එම යෝජනා සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම සංවාදයට එක්වූයේ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති,ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතාය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

■ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය පිළිබඳව මුලින්ම කෙටි හැඳින්වීමක් කළ හැකිද?

පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස ක්ෂේත්‍රයේ නියුතු ආයෝජකයන්ගේ සහ කර්මාන්තයේ උන්නතිය උදෙසා දැරිය යුතු සාමූහික ප්‍රයත්නයන් කැටිකොට ගනිමින් මෙම ක්ෂේත්‍රය හරහා ජනතාවට මනා සේවයක් ලබාදීම අරමුණු කරගෙනයි මීට වසර 35 කට පමණ පෙර මෙම සංගමය ආරම්භ කෙරුණේ.මුල් අවධියේදී කිසිදු සැලකිල්ලට භාජනය නොවී තිබූ මෙම ක්ෂේත්‍රය ල වර්තමානයේ පවතින තත්ත්වය දක්වා සාර්ථකව වර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළේ අප සංගමය බව මට සතුටින් සඳහන් කරන්න පුළුවන්.පසුගිය කාලය තුළ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයද පෞද්ගලික වෛද්‍ය ක්ෂේත්‍රය වෙත වැඩි වශයෙන් යොමුවීමත් සමග, ඔවුන් අප සංගමය සමග ඇතිකර ගත් සම්බන්ධතාවයන් තුළින් මෙම කර්මාන්තයේ වර්ධනය උදෙසා ඉතා වැදගත් වන්නාවූ තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබුවා.එයින් එක් පියවරක් තමයි වර්තමාන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය,අධීක්ෂණය සහ සංවර්ධනය මූලික කරගනිමින් පාර්ලිමේන්තු පනත් අංක 21රැ2006 යටතේ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම .එම නියාමන සභාවේ පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන්නේද අප සංගමයයි.

■ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2022 වසර සඳහා වන අයවැය වෙනුවෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මේ වනවිට යෝජනා මාලාවක් රජය වෙත ඉදිරිපත් කර තිබෙනවා.එම යෝජනා හරහා ඔබ සංගමය මොනවගේ කරුණු කාරණා කෙරෙහිද අවධානය යොමුකර තිබෙන්නේ?

රටේ පවතින වර්තමාන වාතාවරණය අනුව,පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස ක්ෂේත්‍රයේ වගේම ජනතාවගේත් සුබසිද්ධිය පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුවයි අප සංගමය එම යෝජනා මාලාව සකස් කරනු ලැබුවේ.එහිදී අපි දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ ඒ සඳහා මුහුණදීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති හැකියාව ගැනත් අවධානය යොමුකළා.ඒ අනුව දැනට පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සඳහා රජයේ සහයෝගය අපි මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා.මෙම පවතින ගැටලුකාරී තත්ත්වයන් ගැන නිසි අවධානයක් යොමුනොකළහොත්,මේ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ප්‍රශ්න තවත් වැඩිවීමට ඉඩකඩ පවතිනවා.මෙම යෝජනාවලදී ක්ෂේත්‍රයේ උන්නතියට බලපාන අංශ කිහිපයක් කෙරෙහි අප අවධානය යොමුකර තිබෙනවා.ඒ අතරින් පළමුවැන්න තමයි, පුහුණු සේවක ඌණතාවය.අදවනවිට වෛද්‍ය,හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා යටතේ ඇති වෘත්තීන් සඳහා පෞද්ගලික අංශයේ ඌණතාවයක් පවතිනවා. ඇත්තටම මේ යටතේ වන ඇතැම් වෘත්තීන් සඳහා රාජ්‍ය අංශයේ පවා ඌණතාවයක් තිබෙනවා.එබැවින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් අප සංගමය විසින් මෙවර අයවැය යෝජනා වෙනුවෙන් රජය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.දැනට විදේශ උපාධි ලබා සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට අවශ්‍ය ලියාපදිංචිය සහ සීමාවාසික පුහුණුව ඉක්මණින් ලබාගැනීමට සුදුසු පියවර ගැනීම,පෞද්ගලික අංශයේ හෙද ඌණතාවය මගහරවා ගැනීම පිණිස,අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත පෞද්ගලික රෝහල් සඳහා හෙදියන් බඳවා ගැනීමට ඉඩ ලබාදීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම,පරිපූරක වෛද්‍ය සේවා සඳහා ඩිප්ලෝමා හෝ සහතිකපත් පාඨමාලා ආරම්භ කර අදාළ වෘත්තිකයන් පුහුණු කිරීමට පියවර ගැනීම ඇතුළු යෝජනා රැසක් මීට ඇතුළත් වෙනවා.එමෙන්ම සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ට ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති නිසා,විධිමත් අධ්‍යාපනයක් තුළින් පුහුණු වෘත්තිකයන් බිහිකර ඔවුන් විදෙස් රැකියාවන්ට යොමුකිරීම තුළින් රටට විදෙස් විනිමය උපයා ගැනීමේ අවස්ථා ඇති බවත් අප මේ හරහා පෙන්වාදී තිබෙනවා.

■ සංගමයේ අයවැය යෝජනා අතර ඇති අනෙකුත් යෝජනා මොනවාද?

පෞද්ගලික වෛද්‍ය අංශය වැඩිදියුණු කිරීම සඳහා ලබාදිය යුතු පහසුකම් සහ බදු සහන සම්බන්ධයෙන්ද අප මෙවර රජයේ අවධානයට යොමුකර තිබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත්, මේ වනවිට දිවයින පුරා කුඩා පරිමාණයේ පෞද්ගලික රෝහල් සැලකියයුතු ප්‍රමාණයක් ස්ථාපිතවී තිබෙනවා.ඒවායේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය අත්‍යාවශ්‍යයි.මොකද,වෙනත් ව්‍යාපාර හා සැසඳීමේදී මෙය ලාභදායී ව්‍යාපාරයක් නොවෙයි.මේ කරුණු සැලකිල්ලට ගෙන. ආයෝජන මණ්ඩලය මගින් ලබාදෙන සහන තවත් වැඩිදියුණු කරන ලෙස අප යෝජනා කර තිබෙනවා.ඒවගේම සියලු රෝහල් සහ වෛද්‍ය උපකරණ සඳහා වන වැට් බදු ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම,රෝහල් සේවය
සඳහා විදුලිය සහ ජලය සැපයීමේදී සහනදායී පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටීමල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ වෛද්‍ය ආයිත්තම් සඳහා බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,රෝහල් සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය වන ද්‍රව්‍ය සඳහා වන අතිරේක බදු ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටීම ආදී යෝජනාද මේ යටතේ අපි ඉදිරිපත් කර තිබෙනවා.

■ පෞද්ගලික අංශයේ දැනටමත් සේවයෙහි නියුතු වෘත්තිකයන්ගේ සුබසිද්ධිය උදෙසා මොනවගේ සහනද මෙවර අයවැය යෝජනා තුළින් බලාපොරොත්තු වෙන්නේ?

පෞද්ගලික අංශයේ නියුතු වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම,පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ටද මෝටර් රථ ආනයනයේදී බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,රෝහල් සේවක ප්‍රවාහනයට යොදාගන්නා වාහන සඳහා බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,සේවකයන් 50කට වැඩි සංඛ්‍යාවකට ඝෘජු රැකියා සපයන ආයෝජකයන්ට ආයෝජක දිරි දීමනා ලබාදීම යන යෝජනා ඊට ඇතුළත් වෙනවා.ඒ වගේම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහ අනුමැතීන් කඩිනමින් ලබාගැනීමට හැකි අයුරින් පාර්ලිමේන්තු අංක 21රැ2006 අනුව ස්ථාපිත කර ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනතට අනුව ශක්තිමත් කිරීමත්,හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් පුහුණුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමත් මෙවර අප සංගමය විසින් ඉදිරිපත් කරන ලද, 2022 අයවැය සඳහා වන යෝජනා අතරට ඇතුළත්.අපි බලාපොරොත්තු වෙනවා අප සංගමයේ මෙම යෝජනා සම්බන්ධව රජයේ අවධානය පුළුල් ලෙස යොමුවේවි කියා.

■ ඇතැම් පෞද්ගලික රෝහල් මගින් ලබාදෙන සේවාවන් සහ පහසුකම් සම්බන්ධයෙන් ජනතාවට ගැටලු පැණනැගෙන අවස්ථා තිබෙනවා.එවැනි අවස්ථාවක ජනතාවට තමන්ගේ පැමිණිලි ඔබ සංගමය වෙත යොමුකර ඒ සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාවක් තිබෙනවාද?

ඔව්. එවැනි යම් ගැටලුවක් ඇත්නම් මුලින්ම එය රෝහල තුළදීම විසඳා ගැනීමට කටයුතු කරන්න පුළුවන්.එසේ කළ නොහැකි වුණොත් සංගමය හරහා ඊට විසඳුමක් ලබාගැනීමට අවශ්‍ය පහසුකම් අප විසින් සලසාදී තිබෙනවා.ඒ සඳහා අපි මහාචාර්ය ලාල් චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ආචාර ධර්ම කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව හරහා එවැනි පැමිණිලි භාරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.ඒ හරහා,අප සාමාජිකයන්ගෙන් යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යෑමට මගපෙන්වා දෙනවා. යම් හෙයකින් එම කමිටුව හරහාද තමන්ගේ ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව වෙත තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාව සතුව තිබෙනවා.මෙහිදී තවත් විශේෂ දෙයක් සඳහන් කළ යුතුව තිබෙනවා.මම මීට මාස තුනකට පමණ පෙර තමයි මෙම සංගමයේ සභාපති ධූරය සඳහා තේරීපත් වුණේ.මම මේ ක්ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සහ ජනතාව වෙනුවෙන් ඉහළම සේවයක් මේ හරහා ලබාදීම පිණිස කැපවී කටයුතු කරනවා විනා මේ තනතුර ආභරණයක් ලෙස පාවිච්චි කරන්නේ නැහැ.මා සහ මගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන කණ්ඩායම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු ස්වයං පාලනයක් තුළින් අවම කිරීමටයි උත්සාහ දරන්නේ.ඒ සඳහා අපි අපේ සාමාජිකයන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කරනවා.ඒ තුළින් ඔවුන් තමන්ගේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා හදාගෙන,ස්වයං පාලනයකින් යුතුව කටයුතු කිරීමට පෙළැඹෙනවා.ඒ වගේම අපි මේ ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාවගේ දැනුවත්භාවය වැඩිකිරීමටත් කටයුතු කරනවා. මෙවැනි වැඩපිළිවෙලවල් දියත් කිරීම තුළින් අපට මේ වනවිටත් පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් එල්ල වන පැමිණිලි අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ ලිත් නඩුව දෙසැම්බරයට කල් යයි!

Next Post

නුවරපාර පොදු ප්‍රවාහන සේවාවලට අද පස්වරුවේ විවෘත කරයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.