කීර්ති ප්‍රනාන්දු –
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 8ක පවුල් 1062 ක පුද්ගලයන් 4269 ක් පීඩාවට පත්වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත පවසයි.
මෙහිදී අවතැන් වූ පුද්ගලන් මිරීගම ප්‍රදේශයේ කඳවුරු තුනක හා දිවුලපිටිය ප්‍රදේශයේ කඳවුරු තුනක මේ වන විට ආරක්ෂිතව රඳවා පිසූ ආහාර ජලය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සලසා දී ඇති බවද සහකාර අධ්යක්ෂවරයා කියයි.
එම කඳවුරු තුළ පවුල් 272 ක සාමාජිකයන් 1226 සිටින බවද හෙතෙම පැවසීය.
එසේම අවට ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා නිවෙස් තුළ සිරවී සිටින දිවුලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක ජනතාවට බෝට්ටු යොදවා ආහාරපාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා දීම සිදු කරන බවද ඔහු පවසයි.
ඊට අමතරව ජලයට යට වීමෙන් නිවෙස් තුල කොටුවී සිටින පුද්ගලයන් 50 කට අධික පිරිසක්ව බෝට්ටු යොදවා නාවික හමුදාව හා සහන සේවා කණ්ඩායම් එක්ව මුදවා ගත් බව ද සහකාර අධ්යක්ෂවරයා කියයි.







