නායෙ යෑමක් නිසා නිවසක් මතට කඩා වැටුණු පස් කන්දක් හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක සිටි සිවු දෙනාකුගෙන් තිදෙනෙක් මිය ගොස් එක් අයෙක් බරපතල තුවාල පිට කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ නිවසේ සිටි මව සහ අවුරුදු 08 ක් වයසැති දියණියක් සහ අවුරුදු 13 ක් වයසැති ඥාති දියණියක්ය.
තුවාල ලැබූ පුද්ගලයා රඹුක්කන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් කෑගල්ල රෝහල වෙත මාරුකර යැවූ බව රඹුක්කන රෝහලේ අධ්යක්ෂ සුමින්ද ගමගේ පවසයි.







